Search

මෙල්බන් නගරයේ තවත් වෙළඳසැල් දෙකක් ගිනි ගනී

අද අලුයම මෙල්බර්න් නගරය අවට තවත් දුම්කොළ ගබඩා දෙකක් කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Footascray හි Rizzla Plus දුම්කොළ වෙළඳසැලේ ගින්න සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු වාර්තා වී ඇත්තේ අද අලුයම 2.50ට පමණයි.

කිසියම් පිරිසක් ඊට ගිනි තැබීමට පෙර ඉදිරිපස ජනේලය කඩා දමා ඇතුලතින් ගිනි තබා ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ කිසිවෙකුත් එහි නොසිටි අතර ගින්නෙන් වෙළඳසැලට අලාභ හානි සිදුව ඇති බව සඳහන්.

මෙම ගිනි තැබීමට පැමිණි පුද්ගලයන් එම ස්ථානයේ සිට වාහනයකින් පලාගොස් ඇතැයි පොලිසිය සැක කරනවා.

අනතුරුව අද අලුයම 5.10ට පමණ Spring Square හි තවත් වෙළඳසැලක ගින්නක් හටගෙන තිබූ අතර ගිනි නිවන භටයින් පැමිණ එය මැඩපවත්වා තිබෙනවා.

අපරාධකරුවන් පිරිස ගබඩාවට ගිනි තැබීමට පෙර එහි පිටුපස දොර කැඩීමට ද උත්සාහ කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

මෙම ගිනි තැබීම් දෙකම සංවිධානාත්මක ක්‍රියාවක් බවට පොලිසිය විශ්වාස කරනවා.

දුම්කොළ අලෙවිකරුවන්ට තම වෙළඳසල් බදු දීමේ අවදානම පිළිබඳව ඉඩම් හිමියන්ට ලිපි යවන බව පොලිසිය නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම සිදුවීම් වාර්තා වී තිබෙනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »