ලොව විශාලතම මගී නෞකාවේ ගිය සංචාරකයෙකුට අත්වූ ඛේදනීය ඉරණම

ලොව විශාලතම සංචාරක නෞකාවෙන් වැටී ඇමරිකානු ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා.

ලොව විශාලතම මගී නෞකාවෙන් සතියක සංචාරයක් සඳහා පිටත් වී පැය කිහිපයක් අතරතුර මෙම පුද්ගලයා මුහුදට ඇද වැටීමෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඔහු සොයා ගෙන ජලයෙන් ගොඩට ගත් නමුත් ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව සඳහන්.

මෙම පුද්ගලයා සංචාරයක් සඳහා හොන්ඩුරාස් වෙත යාමට ෆ්ලොරිඩාවේ වරයකින් Icon of the Seas නෞකාව වෙත පැමිණ තිබුණා.

ඉරිදා උදෑසන මුහුදට වැටුණු මෙම පුද්ගලයා සම්බන්ධයෙන් නෞකා කාර්ය මණ්ඩලය එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායට දැනුම් දී බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

නෞකාවේ එක් බෝට්ටුවක් යොදවා මෙම පුද්ගලයා රැගෙන පැමිණිය ද ඔහු මියගිය බවයි වාර්තා වන්නේ.

මේ වසරේ ජනවාරි මාසයේදී සිය මංගල ගමන ආරම්භ කළ Icon of the Seas මගීන් 7600ක් සහ කාර්ය මණ්ඩලය 2350ක් ගමන් කළ හැකි මීටර් 366ක් දිග ලොව විශාලතම සංචාරක මගී නෞකාව වනවා.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සාප්පු සවාරි යන අයට අඩුම මිලට බඩු ගන්න තැනක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළඳසැල් ජාලය තුළ අඩුම මිලකට සිල්ලර භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳසැල් සම්බන්ධයෙන් නව සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

Read More »