ලොව දුර්ලභ ගීත ඇල්බමයක් ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයට සැළසුම්

ලොව ඉතා දුර්ලභ හා වටිනා ගීත ඇල්බමයක් ඔස්ට්‍රේලියාවේ ජනතාවට ප්‍රදර්ශනය කිරීමට සැළසුම් කර තිබෙනවා.

එම ඇල්බමය විසිතුරු රිදී පෙට්ටියක තැන්පත් කර ඇති අතර ඉතා සුළු පිරිසක් පමණක් පූර්ණ ලෙස ශ්‍රවණය කර ඇති තැටියක් ලෙසයි මෙය සැළකෙන්නේ.

Wu-Tang Clan’s කණ්ඩායමේ Once Upon a Time in Shaolin හි එකම පිටපත ටස්මේනියානු කෞතුකාගාරයකදී ප්‍රථම වරට මෙලෙස මහජනතාව වෙනුවෙන් වාදනය කිරීමට නියමිතයි.

මෙම ඇල්බමය ජුනි 15 වනදා සිට ජුනි 24 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර සීමිත පිරිසකට එය සවන්දීමේ සැසි සඳහා නොමිලේ අවස්ථාව හිමිවන බව සඳහන්.

එම ඇල්බමයේ එක් පිටපතක් පමණක් නිකුත් කිරීමෙන් එම සංගීත කණ්ඩායමට අවශ්‍යව තිබී ඇත්තේ සංගීත ඉතිහාසයේ වෙනත් කිසිවෙක් නොකළ ආකාරයේ කලා කෘතියක් එළිදැක්වීමට බව වාර්තා වනවා.

මෙම පිටපත 2015 දී ඖෂධ ව්‍යවසායකයෙකු වන මාටින් ෂ්ක්‍රෙලි වෙත ඩොලර් මිලියන 2ක මුදලකට අලෙවි කර ප්‍රධාන ගොනු සියල්ල මකා දමා තිබුණා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »