සති අන්තයේ දින 03 ක් මෙල්බර්න් නැවතත් Lockdown ??? – AusLanka TV – Australian News for the Sri Lankan community

සති අන්තයේ දින 03 ක් මෙල්බර්න් නැවතත් Lockdown ???

සති අන්තයේ දින 03 ක් මෙල්බර්න් නැවතත් Lockdown ???

මෙල්බර්න් නගරයෙන් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු ඊයේ දිනයේදී හමුවීමත් ඉන් 02 දෙනෙකුටම වෛරසය වැළඳුණු ආකාරය තහවුරු නොවීමත් හමුවේ නගරය නැවතත් Lockdown කිරීම කෙරෙහි බළධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේ එළඹෙන සති අන්තයේ දින 03 ක් Lockdown කිරීම කෙරෙහි සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

නිවු සවුත් වේල්ස් හි දැනට පවතින තත්වය වැනි දරුණු තත්වයක් අත්කර නොගැනීමට එවැනි ක්‍රියාමාර්ගයක් ඉවහල් වනු ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.

ඊයේ ප්‍රාන්තයෙන් වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් අතුරින් එක් අයෙකු Al-Taqwa පාසලේ ගුරුවරියකි.

තවත් 03 දෙනෙකු පෙර ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව හඳුනා ගැණින.

Pic – 09News