ගතවූ පැය 24 තුළ NSW ප්‍රාන්තයෙන් ආසාධිතයන් 207 ක් / වික්ටෝරියා ආසාදිතයින් 02 යි

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 207 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ පරීක්ෂණ 117,009 ක් අතුරිනි.

මින් 105 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව සඳහන්.

කෙසේවෙතත් 102 දෙනෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි යන්න තවමත් අවිනිශ්චිතය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 02 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 134 කි.

ඊයේ දිනයේදී (01) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 21,417 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,030 ක් ලබා දී තිබේ.

කොවිඩ් එන්නත නිසා ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හෙළිවෙයි

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හෙට එන අයවැයෙන් ලැබෙන තවත් සහනයක්

දරු උපතකදී සේවා ආයතනයෙන් හිමි වන වැටුප් සහිත මාපිය නිවාඩු සහ Medicare සේවාවන් සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් බිලියන ගණනක අරමුදල් ලැබීමට නියමිත බවට වාර්තා වනවා.

Read More »

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »