Day: August 2, 2021

සෑම ඔස්ටේ්‍රලියානුවෙකුටම කොවිඩ් එන්නත දීමට නත්තල් සමය වනු ඇති බවට වාර්තාවක්

සෑම ඔස්ටේ්‍රලියානුවෙකුටම කොවිඩ් මර්දන එන්නතක් ලබාදීමට නත්තල් සමය පමණ වනු ඇති බවට නවතම වාර්තාවක් හෙළිකර තිබෙනවා. ඒ අනුව ලබන වසර ආරම්භවීමෙන් පසු දේශ සීමා විවෘත කිරීමට හැකිවනු ඇතැයිද සඳහන්. පසුගිය සිකුරාදා රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය එන්නත්කරණය පිළිබඳ අධියර 04 ක මාර්ග සැළැස්මකට අනුමැතිය දුන්නේය ඒ අනුව මුලු ජනගහණයෙන් සියයට 80 ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමෙන් පසු දේශ සීමා විවෘත කිරීමටයි නියමිතව ඇත්තේ. දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල Phase A ලෙස නම් කර ඇත. Phase B යටතේ

Read More »

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ආසාදිතයින්ගෙන් බහුතරය අවුරුදු 10 ට අඩු ළමුන්

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 13 ක් හමුවී තිබෙන අතර ඉන් බහුතරයක් වයස අවුරුදු 10 ට අඩු ළමුන් බව සඳහන්. එම සියලුම ආසාදිතයින් දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ අතර දැනට ප්‍රාන්තයේ සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 31 ක් බවට පත්වී තිබේ. මේ අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොන දිග කලාපයට දැනට පනවා ඇති lockdown කාලය අගෝස්තු 8 වනදා දක්වා දීර්ග කර ඇත. එය Brisbane, Gold Coast, Ipswich, Lockyer Valley, Logan, Moreton Bay, Noosa, Redland,

Read More »

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වේගය ගැන WHO ප්‍රධානියාගෙන් ප්‍රසාදය

සැප්තැම්බර් වනවිට සමස්ත ජනගහණයෙන් සියයට 10 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ ඉලක්කය ඊට පෙර සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රස් ඇඩනම් පවසනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ප්‍රසාදය පළකරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ. මහජන සෞඛ්‍ය පිළිබඳ අවධානය ඉහළ නැංවීමට සහ වෛරසය පාලනයේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ටෙඩ්‍රස් ඇඩනම් ස්තූතිය පළකරනවා. https://twitter.com/DrTedros/status/1421952909307224069?s=20

Read More »

ගතවූ පැය 24 තුළ NSW ප්‍රාන්තයෙන් ආසාධිතයන් 207 ක් / වික්ටෝරියා ආසාදිතයින් 02 යි

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 207 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ පරීක්ෂණ 117,009 ක් අතුරිනි. මින් 105 දෙනෙකු දැනට හඳුනාගෙන ඇති ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව සඳහන්. කෙසේවෙතත් 102 දෙනෙකුට වෛරසය වැළඳුණේ කෙසේදැයි යන්න තවමත් අවිනිශ්චිතය. NSW recorded 207 new locally acquired cases of COVID-19 in the 24 hours to 8pm last night. Of these locally acquired cases, 105 are linked to a known case or cluster, 92 are household contacts &

Read More »

ෂේන් වෝන් ටත් කොරෝනා

ඔස්ටේ්‍රලියාවෙන් බිහිවූ සුපිරි දග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ෂේන් වෝන් ටද කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා. එංගලන්තයේ ලන්ඩන් ස්පිරිට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරන අතර දේශීය තරගාවලියක් අතරතුර සිදුකල කොවිඩ් පරීක්ෂණයකදීයි ඒ බව තහවුරු කරගෙන ඇත්තේ. කණ්ඩායමේ තවත් පුහුණුකරුවෙකුටද කොවිඩ් වැළඳී ඇතැයි හෙළිවී තිබෙනවා. මේ වනවිට ෂේන් වෝන් හුදකලා කර ඇති අතර කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට වෛරසය වැළඳී නොමැති බවයි වාර්තා වන්නේ.

Read More »