සෑම ඔස්ටේ්‍රලියානුවෙකුටම කොවිඩ් එන්නත දීමට නත්තල් සමය වනු ඇති බවට වාර්තාවක්

සෑම ඔස්ටේ්‍රලියානුවෙකුටම කොවිඩ් මර්දන එන්නතක් ලබාදීමට නත්තල් සමය පමණ වනු ඇති බවට නවතම වාර්තාවක් හෙළිකර තිබෙනවා.

ඒ අනුව ලබන වසර ආරම්භවීමෙන් පසු දේශ සීමා විවෘත කිරීමට හැකිවනු ඇතැයිද සඳහන්.

පසුගිය සිකුරාදා රැස්වූ ජාතික කැබිනට් මණ්ඩලය එන්නත්කරණය පිළිබඳ අධියර 04 ක මාර්ග සැළැස්මකට අනුමැතිය දුන්නේය

ඒ අනුව මුලු ජනගහණයෙන් සියයට 80 ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමෙන් පසු දේශ සීමා විවෘත කිරීමටයි නියමිතව ඇත්තේ.

දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල Phase A ලෙස නම් කර ඇත.

Phase B යටතේ සිදුවන්නේ එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති ජනගහණයෙන් සියයට 70 කට දෙවන මාත්‍රාව ලබාදීමයි.

එම ඉලක්කය සියයට 80 ක් වු පසු අධියර Phase C ලෙස නම් කරනු ලබයි.

සමස්ත වැඩිහිටි ජනගහණය එන්නත් කර අවසන් කිරීමත් – ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග Phase D අධියර ක්‍රියාවට නැංවෙන බවයි අගමැති ස්කොට් මොරිසන් කියාසිටියේ.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »