ඩෙල්ටා හමුවේ තරුණ ප්‍රජාවට දැඩි බලපෑම් – නොබෙල් සම්මානලාභී වසංගත රෝග විද්‍යාඥ කියයි

ඩෙල්ටා වෛරස ප්‍රභේදය හමුවේ තරුණ ප්‍රජාවට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අගවනවා.

ඊයේ සිඩ්නි නගරයෙන් වාර්තා වූ 30 හැවිරිදි කාන්තා මරණය ඊට උදාහරණයක් බවයි නොබෙල් සම්මානලාභී වසංගත රෝග විද්‍යාඥ Peter Doherty පෙන්වා දෙන්නේ.

මේ දක්වා කොවිඩ් වෛරසයේ බලපෑම වයස්ගත ජනතාවට එල්ලවී තිබුණද ඩෙල්ටා වෛරස ප්‍රභේදය හමුවීමත් සමග එය සෑම කාණ්ඩයකම ජනතාව දක්වා ව්‍යාප්තවී ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

ඩෙල්ටා ප්‍රභේදය ආසාධනය වූවන්ගෙන් සැළකිය යුතු පිරිසකට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදුවීමද බරපතල බව වසංගත රෝග විද්‍යාඥ Peter Doherty වැඩිදුරටත් කියාසිටියා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »