
වෙබ් අඩවියක සහ මුහුණු පොතේ පළවූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනි අනුෂා දමයන්ති විසින් ඉදිරිපත් කල පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඇය විසින් ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් එය වැටලීමට ගිය වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට රජයේ අමාත්‍යවරයෙකු විසින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවට වන පුවතකුයි අදාළ වෙබ් අඩවියේ සහ මුහුණු පොතේ පළකර ඇත්තේ.
තමන් ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන නොයන බවත් එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස ඉල්ලීමක් කරමින් රංගන ශිල්පිනි අනුෂා දමයන්ති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
