Just In : ඔස්ටේ්‍රලියා – නවසීලන්ත ගුවන් සංචාරක බුබුළ මාස 02 කට අත්හිටුවයි

ඔස්ටේ්‍රලියාව සමග පවතින ගුවන් සංචාරක බුබුළ මාස 02 කට අත්හිටුවීමට නවසීලන්තය තීරණය කරයි.

අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් පැවසුවේ ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත කිහිපයක ඩෙල්ටා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම ඊට හේතුව බවයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට ආසන්නතම හේතුව බවටද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් දැනට ඔස්ටේ්‍රලියාවේ සිටින නවසීලන්ත ජාතිකයන්ට යළි මව්රට වෙත පැමිණීම සඳහා ඉදිරි දින 07 තුළ සීමිත ගුවන් වාර සංඛ්‍යාවක් ක්‍රියාවට නංවන බවද අගමැතිනිය කියාසිටියා.

කෙසේවෙතත් ඒ සඳහා අවසර හිමිවන්නේ නිවු සවුත් වේල්ස් හෝ වික්ටෝරියා ප්‍රාන්ත හැර අනෙක් ප්‍රදේශවල සිටින නවසීලන්ත ජාතිකයන්ට පමණයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »