Search

රට රැකියා යන්න ඉන්න සැමට ලංකාවේදී ෆයිසර් එන්නත දෙයි

වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලූ දෙනාට එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාතවරිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් සමග අද පැවති සාකච්ඡාවකදීයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ.

මේ වන විට රටවල් පහළොවකට පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් අට දහසකට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

ඒ අනුව ඉදිරි සතියේ දී කොළඹ පිහිටි මධ්‍යස්ථානයකදී එම පිරිසට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටත් නියමිත පරිදි එහි දෙවැනි මාත්‍රාවත් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.