හරක් මස්, බැටළු මස් සහ ඌරු මස් අනුභව කරන්නේ නම් හෘද රෝග අවදානම ඉහළලු

රක්ත වර්ණ සහ සකස්කළ මාංශ වර්ග අනුභව කිරීම මගින් හෘද රෝග ඇතිවිය හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

විශේෂයෙන්ම හරක් මස්, බැටළු මස් සහ ඌරු මස් අනුභව කරන්නේ නම් අවදානම වැඩි බව හෙළිවී ඇත.

පුද්ගලයින් මිලියන 1.4ක ගේ තොරතුරු ආශ්‍රයෙන් එම පර්යේෂණය කර ඇති අතර එම පර්යේෂකයින් වසර 30ක් පුරා පර්යේෂණයට ලක්වූ පිරිස ගැන අවධානයෙන් සිට තිබේ.

එම තත්ත්වය “කිරීටක ධමණි රෝග” ලෙසද හැඳින්වෙන අතර එමගින් ලොව පුර පුද්ගලයින් විශාල ගණනක් මරණයට පත්වීම හෝ විවිධ ආබාධයන්ට ලක්වීම සිදුවේ.

හෘදයට රුධිරය සපයනු ලබන රුධිර නාළිකා අභ්‍යන්තර පෘෂ්ඨ මත කොටෙස්ටරෝල් තැන්පත්වීමෙන් එම රෝගී තත්ත්වය වර්ධනය වෙයි.

අනුභව කෙරෙන මාංශ ප්‍රමාණය වැඩිවන විට එම පුද්ගලයාව හෘද රෝග වලට ලක්වීමේ සම්භාවිතාව තවත් ඉහළ යන බව “Critical Reviews in Food Science and Nutrition” සඟරාවේ පළකර ඇති පර්යේෂණ වාර්තාවේ සඳහන් ය.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »