ආර්ජන්ටිනාවේ සිට පැමිණි 81 හැවිරිදි අයෙකුට කොවිඩ් / දකුණු ඔස්ටේ්‍රලියාව තුළද සීමා ??

81 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් ආසාධිත බවට හෙළිවීමත් සමග දකුණු ඔස්ටේ්‍රලියාව තුළද සීමා පැණවෙන ආකාරයක් මතුවී තිබේ.

මොහු ආර්ජන්ටිනාවේ සිට සිය මිණිබිරියද සමග පැමිණ ඇති අතර නිවු සවුත් වේල්ස් හිදී නිරෝධායන කාලය ගත කර තිබිණ.

එහිදී ඇතිවූ හදිසි රෝගාතුරවීමක් හමුවේ මෙම තැනැත්තා දින 10 ක් රෝහල්ගතව සිටියේය.

Modbury රෝහලෙන් මුදා හැරීමෙන් අනතුරුව ජූලි 08 වනදා මොහු ඇඩිලේඩ් දක්වා ගමන් කර තිබුණේ ගුවන් මගිනුයි.

ඊයේ රෝහලේදී මෙම පුද්ගලයා කොවිඩ් පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව අද අලුයම 02 යි 30 ට පමණ ලද වාර්තාවේ දක්වා තිබුණේ ඔහු කොවිඩ් ආසාධිත බවයි.

ඔහුගේ සමීපතමයන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රාන්තය තුළ සීමා පණවන්නේද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති  Steven Marshall කියාසිටියේ.

 

Pic – 7NEWS

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »