රිය අනතුරකින් තුවාල ලැබූ අයෙකුට උදව් කරන්න ගිය කතක වෙනත් රියක ගැටී Monash Freeway හිදී මරුට

Monash Freeway හි Endeavour Hills හිදී අද අලුයම 03 යි 15 ට පමණ සිදුවු අවාසනාවන්ත රිය අනතුරකින් 63 හැවිරිදි කාන්තාවක මියගොස් තිබේ.

Langwarrin හි පදිංචිකාරිනියක මෙලෙස මියගොස් ඇත.

අනතුරකට ලක්වූ වෙනත් රියදුරෙකුට උපකාර කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී පැමිණි වෙනත් රථයක ගැටීමෙන් අදාළ කාන්තාව මරණයට පත්ව ඇති බවයි වික්ටෝරියා පොලිසිය කියාසිටියේ.

පළමු රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ රියදුරා මේ වනවිට රෝහල්ගත කර ඇත.

කාන්තාව මරණයට පත්වූ රිය අනතුරට සම්බන්ධ රියදුරා පොලිස් අත්අඩංගුවේ සිටින අතර පරීක්ෂණවලට සහය දෙමින් සිටින බව වික්ටෝරියා පොලිසිය කියයි.

 

Pic – Herald Sun

මදුරුවන්ගෙන් බෝවන රෝගයක් ගැන වික්ටෝරියානු ජනතාවට අනතුරු ඇඟවීමක්

මදුරුවන් මගින් බෝවන රෝගී තත්වයක් පිළිබඳ වික්ටෝරියානු ජනතාවට අවදානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

ප්‍රධාන කිරි නිෂ්පාදන සමාගමක් ඔස්ට්‍රේලියාවේ වෙළඳපොලෙන් ඉවත් වෙයි

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදන අලෙවි කරනු ලබන ප්‍රධාන පෙළේ කිරි සමාගමක් තම නිෂ්පාදන Woolworths සහ Coles සුපිරි වෙළඳසැල්වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

14 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැන්වීම් පුවරුව

ඉන්දියාවේ මුම්බායි නුවර ස්ථාපිත කර තිබූ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මෙල්බන් මොනෑෂ් සරසවියේ සිදුවීමක් අගමැති හෙළාදකී

මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකදී යුදෙව් ප්‍රජාවේ සාමාජිකයින්ට පලස්තීන ගැති පෙලපාලිකරුවන් හමුවේ සිදුවූ අපහසුතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීස් හෙළා දැක තිබෙනවා.

Read More »

රාත්‍රී වැඩ මුරය අවසන් කර දරුවා පාසලට දාන්න ගිය මෙල්බන් මවකට අත්වූ අවාසනාවන්ත ඉරණම

පසුගිය අඟහරුවාදා මෙල්බර්න් හැම්ප්ටන් පාර්ක් ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් මියගිය කාන්තාව තම පුත්‍රයා පාසලට රැගෙන යාමට සිටියදී එලෙස අනතුරට ලක්වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Read More »