හෙට පර්ත් වරායට එන නැවක බාගයකට වැඩි පිරිසකට කොවිඩ්

පර්ත් නගරයට ආසන්නයෙන් ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලයෙන් අඩකට වැඩි පිරිසක් කොවිඩ් බවට සැක රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan කියයි.

BBC California නම් මෙම නෞකාව හෙට Fremantle වරායට පැමිණීමට නියමිතයි.

එය පසුගිය ජූනි මාසයේදී ඊජිප්තුවෙන් ගමන් ආරම්භ කර ඇති අතර ඉන්දුනීසියාවේ වරාය කිහිපයකටම ගොස් ඇති බව සඳහන්.

මේ වනවිට ඉන්දුනීසියාවේ කොරෝනා සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබේ.

මෙම නෞකාව හරවා යැවීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan කියයි.

Pic – Glenn Raymo

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »