ඔස්ටේ්‍රලියාවේදී හා ලංකාවේදී ඇස්ට්‍රා-සෙනෙකා ගත් අයට යුරෝපා සංචාර බැරි වෙන හැඩ ?

ඔස්ටේ්‍රලියාව තුළදී ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන්ට යුරෝපයට පිවිසීමේ ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී තිබේ.

ඔවුන්ට ලබාදී ඇත්තේ ඔස්ටේ‍රලියාව තුළ නිෂ්පාදිත ඇස්ට්‍රා-සෙනෙකා එන්නතයි.

එහෙත් යුරෝපා සංගමය විසින් අදාළ මෙල්බර්න් නිෂ්පාදනාගාරය මේ දක්වා ලියාපදිංචි කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බෙල්ජියමේ / අමෙරිකාවේ / දකුණු කොරියාවේ හා චීනයේ නිපදවන ඇස්ට්‍රා-සෙනෙකා එන්නත පමණක් යුරෝපා සංගමය විසින් මේ වනවිට පිළිගෙන ඇති අතර ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන කොවිෂීල්ඩ් එන්නත පවා යුරෝපා සංගමය විසින් මේ දක්වා පිළිගෙන නොමැත.

එබැවින් ශ්‍රී ලංකාව ඇතුලුව ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත ලබාගත් රටවල ජනතාවටද යුරෝපා සංචාරවල නිරතවීමේ අවධානමක් ඇති බව සඳහන් වෙයි.

යුරෝපා සංගමය පිළිගන්නා එන්නත් නිෂ්පාදනාගාරයක නිපදවන ලද මාත්‍රා 02 ම ලබා ඇති ඕනෑම අයෙකුට අනාගතයේ දේශ සීමා විවෘත වීමෙන් පසු යුරෝපා සංගමයට අයත් රටවල් 27 තුළ කිසිදු බාධාවකින් තොරව සංචාරය කල හැකිය.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »