මෙල්බර්න් සුපිරි වෙළඳසැලක තියුණු ආයුධ ප්‍රහාරයකින් 16 හැවිරිදි තරුණයෙකුට බරපතලයි

මෙල්බර්න් සුපිරි වෙළඳ සැලක් තුළ ඊයේ රාත්‍රියේ සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් 16 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා තිබේ.

12 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් Broadmeadows, Pascoe Vale Road හි Woolworths වෙළඳ සැල වෙත කඩා වැදී මෙම පහරදීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු වයස අවුරුදු 13 හි පසුවන්නන් වන අතර අනෙක් 04 දෙනාම වයස අවුරුදු 16 ට අඩු අයයි.

තුවාල ලැබූ තරුණයාගේ උදරයට හානි සිදුවී තිබේ.

මෙය පුද්ගලික ආරාවුලකට සම්බන්ධ සිදුවීමක් බව වික්ටෝරියා පොලිසිය කියයි.

Pic – Herald Sun

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »