ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට අගමැති මොරිසන් ගෙන් දැනුම්දීමක්

Prime-Minister-Scott-Morrison.

පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් පුද්ගලයන්ට මාස 02 ක් තුළ එහි දෙවන මාත්‍රාව ලබාගන්නැයි අගමැති ස්කොට් මොරිසන් ඉල්ලීමක් කරනවා.

මෙතෙක් පැවති නිර්දේශය වූයේ මාස 03 ක් තුළ එය ලබාගැනීම වුවද ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ මාස 02 ක් තුළ එන්නත ගැනීම වඩාත් යෝග්‍ය බවයි අගමැතිවරයා සඳහන් කලේ.

එක් මාත්‍රාවක් පමණක් ගැනීමෙන් නිසි පරිදි ප්‍රතිශක්තිකරණයක් නොලැබෙන්නේ යැයි සෞඛ්‍ය අංශවල මතය වී ඇතැයිද ස්කොට් මොරිසන් අගමැතිවරයා කියාසිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා සඳහන් කර තිබුණේ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාවෙන් මාස 06 ක ආරක්ෂාවක් සැළසෙන බවයි.

2022 වසරේ අප්‍රේල් වනවිට ඔස්ටේ්‍රලියාවේ සමස්ත වැඩිහිටි ජනගහණය පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමයි මධ්‍යම රජයේ සැළසුම වන්නේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »