Day: July 9, 2021

Lockdown නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ දරු උපත් ඉහළට

මෙම වසර තුළදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ අමතර දරු උපත් 1400 ක් පමණ අපේක්ෂා කෙරෙන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි. එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 5.7 ක ඉහළ යාමකි. පසුගිය වසර තුළ අවස්ථා කිහිපයකදී පැවති තත්වය හමුවේ බොහෝ පිරිසක් වැඩි කාලයක් නිවෙස් තුළ සිටීම මීට ප්‍රධානතම හේතුවයි. කලාප ලෙස සැළකීමේදී Hamilton සෞඛ්‍ය කලාපයෙන් සියයට 51 ක් / Bendigo කලාපයෙන් සියයට 43 ක් සහ Ballarat කලාපයෙන් සියයට 38 ක් ලෙස අමතර දරු උපත් අපේක්ෂා කෙරෙන බවයි සංඛ්‍යාලේඛණ

Read More »
PFIZER

එන්නත්කරණය 03 ගුණයක වේගයකින් පවත්වාගෙන යාමට ඔස්ටේ්‍රලියා රජය සැරසෙයි

ඉතාම නුදුරේදී සතියකට ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් බැගින් ඔස්ටේ්‍රලියාවට හිමිවන බව මධ්‍යම රජය කියයි. ඒ අනුව එන්නත්කරණ වැඩපිළිවෙල 03 ගුණයක වේගයකින් පවත්වාගෙන යාමට හැකිවන බවයි රජය පවසන්නේ. දැනට රට තුළ භාවිත කරනුයේ සතියකට ෆයිසර් එන්නත් මාත්‍රා 300,000 ත් 350,000 ත් අතර ප්‍රමාණයකි. අගෝස්තු වනවිට තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 45 ක් ලබාගැනීමට සැලසුම් කර ඇති බව මධ්‍යම රජය කියාසිටියේය. මේ අතර එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තවත් වෛද්‍යවරුන් 1300 කට අවසර දීමටද රජය සැළසුම්

Read More »
Prime-Minister-Scott-Morrison.

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට අගමැති මොරිසන් ගෙන් දැනුම්දීමක්

පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් පුද්ගලයන්ට මාස 02 ක් තුළ එහි දෙවන මාත්‍රාව ලබාගන්නැයි අගමැති ස්කොට් මොරිසන් ඉල්ලීමක් කරනවා. මෙතෙක් පැවති නිර්දේශය වූයේ මාස 03 ක් තුළ එය ලබාගැනීම වුවද ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ මාස 02 ක් තුළ එන්නත ගැනීම වඩාත් යෝග්‍ය බවයි අගමැතිවරයා සඳහන් කලේ. එක් මාත්‍රාවක් පමණක් ගැනීමෙන් නිසි පරිදි ප්‍රතිශක්තිකරණයක් නොලැබෙන්නේ යැයි සෞඛ්‍ය අංශවල මතය වී ඇතැයිද ස්කොට් මොරිසන් අගමැතිවරයා කියාසිටියා. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා සඳහන් කර තිබුණේ ඇස්ට්‍රාසෙනෙකා පළමු

Read More »

NSW ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 44 ක් / අද පස්වරු 05 සිට සිඩ්නි නගරයට තවත් සීමා

ගතවූ පැය 24 තුළ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 44 දෙනෙකු වාර්තා වී ඇත. මේ අතර අද පස්වරු 05 සිට සිඩ්නි නගරයට තවත් සීමා කිහිපයක් පණවා තිබේ. ඒ අනුව එකවර එක් ස්ථානයක ශරීර සුවතාවල නිරතවිය හැකිවනුයේ 02 දෙනෙකුට පමණි. මෙතෙක් එය 10 ක් ලෙස පැවතිණ. ඒ සඳහා යාමට හැකි වන්නේද කිලෝමීටර් 10 ක දුරකට පමණි. වෙළඳසැල් තුළ සාප්පු සවාරියේ යෙදීමට අවසර නැත. අත්‍යවශ්‍යම ද්‍රව්‍ය මිළදී ගැනීමට පමණක් නිවසකින් එක් අයෙකුට පිටතට යා හැකිය ලබන

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර් ට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. ඔහු පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා එංගලන්ත එක්දින සහ 20/20 තරඟාවලි සඳහා ද එක්විණි. මේ වනවිට එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ. එංගලන්ත – ශ්‍රී ලංකා තෙවැනි එක්දින තරඟයෙන් අනතුරුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල එකට ගැවසී ඇති බවද වාර්තා වේ. ඔවුන් නැවත මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

Read More »