සති කිහිපයක් තුළ 03 වන වරටත් Commonwealth බැංකුවේ Online පද්ධතියේ දෝශයක්

සති කිහිපයක් තුළ 03 වන වරටත් Commonwealth බැංකුවේ Online පද්ධතියේ දෝශයක් හටගෙන තිබේ.

මෙල්බර්න් – සිඩ්නි සහ පර්ත් ඇතුලු නගර කිහිපයක පාරිභෝගිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් දැඩි විවේච්චන එල්ලකරමින් සිටී.

බහුතරයක් පැමිණිලි කර ඇත්තේ අන්තර්ජාලය හරහා මෙන්ම කාඩ් පත් හරහා බිල්පත් ගෙවීම – ආහාර – ඉන්ධන වැනි දෑ මිළයට ගැනීම් සිදුකිරීමේ අසිරුතා මතුව ඇති බවයි.

දැනට සති 1 1/2 කට පමණ පෙරද Commonwealth බැංකුවේ අන්තර්ජාල බැංකුකරණයට බාධා එල්ලවූ අතර ඊට සමාව අයැදමින් ඔවුන් විසින් පාරිභෝගිකයන්ට ඩොලර් 50 ක මුදලක් ලබාදීමටද කටයුතු කර තිබිණ.

අද ඇතිවු තත්වය පිළිබඳ තමන් දැනුවත් බවත් හැකි ඉක්මණින් යථා තත්වයට පත් කරන බවත් Commonwealth බැංකුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

https://twitter.com/CommBank/status/1412226158985310209?s=20

 

Pic – Google

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »