Lockdown නීති කඩා සාද පැවැත්වූ සිඩ්නි හෝටලයකින් කොවිඩ් ආසාදිතයන් 03 ක්

Lockdown තත්වය පැවතියදීත් නීති කඩා සාදයක් පැවැත්වූ සිඩ්නි නුවර හෝටලයකින් කොවිඩ් ආසාදිතයන් 03 දෙනෙකු හමුවී ඇත.

Waterloo හි Meriton Suites හෝටලයෙනුයි මෙම සිදුවීම වාර්තා වන්නේ.

එහි පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම සාදය පවත්වා ඇති බවද වාර්තා වනවා.

සිඩ්නි නගරයට සති දෙකක Lockdown තත්වයක් පණවන ලද්දේද එදිනම වීම විශේෂත්වයක්.

මේ අනුව මුලු හෝටලයම මේ වනවිට කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇති අතර පසුගිය සෙනසුරාදා රාත්‍රී 07 සිට අද උදාසන 08 දක්වා එම හෝටලයේ සිටි ඕනෑම අයෙකු වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු වනවා.

 

Pic – 7 News

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »