Face-mask පළඳින ලෙස කල දැනුම්දීමට උරණවී මත්පැන් අලෙවි සැලක සේවකයෙකුට කෙළ ගැසු 22 හැවිරිදි තරුණියක අත්අඩංගුවට

මුහුණු ආවරණයක් පළඳින ලෙස කල දැනුම්දීමකට උරණවී Northern Territory (The Tap on Mitchell Street) මත්පැන් අලෙවි සැල සේවකයෙකුට කෙළ ගැසු 22 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී ඇතැයි Northern Territory පොලිස් ප්‍රධානී Jamie Chalker පැවසුවේය.

මේ අනුව අදාළ තරුණියට එරෙහිව අපරාධමය චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.

ඊට අමතරව කොවිඩ් මර්දන නීති කැඩීම යටතේ ඇයට එරෙහිව වෙනම නඩුවක් ගොණු කිරීමටද නියමිතය.

Northern Territory හි Greater Darwin සහ Alice Springs කලාපවල පසුගිය සිකුරාදා සිට මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කෙරිණ.

Pic – Google

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »