Day: July 4, 2021

Face-mask පළඳින ලෙස කල දැනුම්දීමට උරණවී මත්පැන් අලෙවි සැලක සේවකයෙකුට කෙළ ගැසු 22 හැවිරිදි තරුණියක අත්අඩංගුවට

මුහුණු ආවරණයක් පළඳින ලෙස කල දැනුම්දීමකට උරණවී Northern Territory (The Tap on Mitchell Street) මත්පැන් අලෙවි සැල සේවකයෙකුට කෙළ ගැසු 22 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම වාර්තා වී ඇතැයි Northern Territory පොලිස් ප්‍රධානී Jamie Chalker පැවසුවේය. මේ අනුව අදාළ තරුණියට එරෙහිව අපරාධමය චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇත. ඊට අමතරව කොවිඩ් මර්දන නීති කැඩීම යටතේ ඇයට එරෙහිව වෙනම නඩුවක් ගොණු කිරීමටද නියමිතය. Northern Territory හි Greater Darwin සහ Alice Springs කලාපවල පසුගිය සිකුරාදා

Read More »

මෙල්බර්න් KFC අවන්හලකට සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් ප්‍රහාරයක්

සත්ව හිමිකම් ක්‍රියාකාරිනී Tash Peterson ඇතුලු 06 දෙනෙකු විසින් මෙල්බර්න් නුවර KFC අවන්හලකට කඩා වැදී එය තුළ කළහකාරීව හැසිරී තිබේ. එමෙන්ම ආහාර ගැනීමට පැමිණි පාරිභෝගිකයන්ට පවා ඔවුන් බැණවැදී ඇත්තේ සත්ව හිමිකම් කඩ කරන බවට චෝදනා කරමිනුයි. මීට අදාල ඡායාරූප කිහිපයක්ද Tash Peterson ඉන්ස්ටග්‍රම් සමාජ ජාලයේ පළ කර තිබිණ. ආහාර සඳහා සතුන් ඝාතනය වහා නතර කල යුතු බවයි ඇය අවධාරණය කරන්නේ. කෙසේවෙතත් පොලිසිය පැමිණ තත්වය පාලනය කර ඇත.

Read More »

PHOTOS : මෙල්බර්න් මාරක රිය අනතුරෙන් මෝටර් රථය 02 ට කැඩේ / අයෙක් මරුට – 02 කට තුවාල

මෙල්බර්න් උතුරු ප්‍රදේශයේ අද අලුයම සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. රිදී පැහැති sedan මෝටර් රථයක් පදවාගෙන පැමිණි අයෙකුට එහි පාලනය ගිලිහී යාමෙන් Plenty Road, South Morang හිදී මෙම අනතුර සිදුව තිබුණි. රථයේ ගමන් ගත් එක් අයෙකු මරණයට පත්වූ අතර රියදුරු වන Eltham හි පදිංචි 18 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 18 හැවිරිදි තවත් අයෙකු සුලු තුවාල ලබා ඇත.   pics – 09 News

Read More »
covid

අඛණ්ඩව 04 වන දිනටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු ආසාධිතයෙකු නෑ | NSW – 16 / QLD – 01

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් සමාජ සම්ප්‍රේෂණය හරහා කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැත. ඊයේ දිනයේදී පරීක්ෂණ 20,000 කට වැඩි සංඛ්‍යාවක් සිදුකර තිබේ. මේ අනුව අඛණ්ඩව 04 වන දිනයටත් වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු ආසාධිතයෙකු සටහන්වී නොමැත. එහෙත් හෝටල් නිරෝධායනයේ සිටි එක් අයෙකු පමණක් කොවිඩ් ආසාධිත යැයි හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් එක් ආසාධිතයෙකු පමණක් වාර්තා විය. ඒ පරීක්ෂණ 14,000 ක් අතුරිනි. මෙම ආසාධිතයාද පෘතුගාල අවන්හලකට සම්බන්ධ කොවිඩ් පොකුරට අයත් වේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්

Read More »

මෙල්බර්න් ඉන්න ලාංකිකයන්ගේ කියුම් කෙරුම් ගැන අලුත්ම වාර්තාව මෙන්න

මෙල්බර්න් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වන තොරතුරු ඇතුළත් නවතම වාර්තාවක් නිකුත් කර තිබේ. ඊට අනුව ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ලාංකිකයන්ගෙන් සියයට 49 ක්ම පදිංචිය සඳහා තෝරාගෙන ඇත්තේ මෙල්බර්න් නගරයයි. 2011 වසරේ සිට මේ දක්වා වික්ටෝරියා වෙත පැමිණ ඇති ලාංකිකයන් ගණන 11,839 කි. මෙලෙස පැමිණි ලාංකිකයන්ගෙන් සියයට 58 ක් දරුවන් ද සමග පැමිණි පවුල් වන අතර සියයට 21 ක් දරුවන් නොමැතිව පැමිණි අය වෙති. මෙල්බර්න් හි සිටින ලාංකිකයන්ගෙන් සියයට 59 කට ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය පවතී. රැකියා ලෙස

Read More »