ගතවූ පැය 24 තුල NSW ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 31 ක් / පර්ත් සීමා අද රෑ සිට ලිහිල් වන ලකුණු

ගතවූ පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 31 ක් හමු වී තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කොට සිටින්නේ යම් සේවකයකු හට අසනීප තත්වයක් පවතීනම් නිවසේ සිටින ලෙසයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වනවිට ක්‍රියාත්මක lockdown තත්වය ප්‍රාන්ත වැසියන්ගේ සංචරණය අවම කිරීමට අසමත් වී ඇතැයි බලධාරීන් පවසයි.

මේ හේතුවෙන් ප්‍රකාශයට පත්කොට ඇති lockdown තත්වයෙන් සාර්ථක ප්‍රතිපල අත් වීමේ ඉඩකඩ අඩු විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

වික්ටෝරියා ප්‍රාන්තය තුල පසුගිය පැය 24ක කාලය තුලදී සිදු කල පරීක්ෂණ 24,726 ඔස්සේ කිසිදු ආසාදිතයකු වාර්තා වී නොමැත.

බටහිර ඕස්ට්‍රේලියාවේ Perth සහ Peel යන ප්‍රදේශ සඳහා අද මධ්‍යම රාත්‍රියෙන් පසු කොරෝනා සීමා ලිහිල් කිරීමට නියමිතව ඇත.

ඊයේ දිනයේදී දකුණු ඕස්ට්‍රේලියාවෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නොමැත.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »