ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දනයට අධියර 04 ක් / නිරෝධායන කාලය දින 07 දක්වා අඩු කිරීමට අවධානය

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දනය සඳහා අධියර 04 කින් සමන්විත ජාතික වැඩසටහනක් හඳුන්වාදීමට අද පැවති ජාතික කැබිනට් රැස්වීමේදී එකග වී ඇත.

අගමැති ස්කොට් මොරිසන් මේ බව නිවේදනය කලේ ප්‍රාන්ත අගමැතිවරුන් සමග අද පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවක් අමතමිනුයි.

01 අධියර – එන්නත්කරණය වේගවත් කිරීමයි. මෙය  “Vaccinate, prepare and pilot” ලෙස නම් කෙරේ

02 අධියර – බරපතල ලෙස රෝගාතුරවීම් අඩු කිරීමයි – එමගින් රෝහල්ගත වන සංඛ්‍යාවේද අඩුවක් අපේක්ෂා කෙරේ

03 අධියර – වෙනත් රෝග තත්වයන්ට කොවිඩ් තත්වය ගෙන ඒමයි. එනම් කිසිදා තුරන් නොවන සෙම්ප්‍රතිශ්‍යාව – උණ රෝග සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට කොරෝනා වෛරසය පත් කිරීමයි.

04 අධියර – ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත් කිරීමයි. ඒ අනුව එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට ඔස්ටේ්‍රලියාවට කිසිදු බාධවකින් තොරව පැමිණීමට අවස්ථාව සලසා දීම අවසාන ඉලක්කයයි. අවසර දෙන රටවල් සංඛ්‍යාවද වැඩි කෙරේ.

මේ අතර ජූලි 14 වනදා වනවිට සතියකට ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව දැනට පවතින 6070 සීමාව අඩකින් අඩු කිරීමට ද අද පැවති සාකච්ඡාවේදී එකගවී තිබේ.

ඒ අනුව එය 3035 දක්වා අඩුකෙරෙන අතර පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාවද සීමා කෙරේ.

ලබන වසර දක්වා එම සීමාව පවත්වාගෙන යනු ඇත.

දැනට පවතින නිරෝධායන කාලසීමාව දින 14 සිට දින 07 දක්වා අඩු කිරීමටද ජාතික කැබිනට් මණ්ඩලය අවධානය යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත.

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »