බ්‍රිස්බන් ගුවන් තොටුපළේ කටාර් check-in counter හි සේවිකාවකට කොවිඩ්

බ්‍රිස්බන් ගුවන් තොටුපළේ සේවය කල 37 හැවිරිදි කාන්තාවකට කොවිඩ් වෛරසය වැළඳී තිබේ.

ඇය කටාර් ගුවන් සේවයට අයත් check-in counter හි සේවය කල අයෙකු බවයි වාර්තා වන්නේ.

පසුගිය සිකුරාදා දිනයේදී ඇයට වෛරසය වැළඳුණු බවට විශ්වාස කෙරෙන අතර පළමුවෙන් රෝග ලක්ෂණ පහළවී ඇත්තේ ගිය ඉරිදා දිනයේදීයි.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන 02 කි. ඉන් එක් අයෙකු බ්‍රිස්බන් හි පදිංචි පෘතුගාල ජාතික පවුලකට සම්බන්ධ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයෙකි.

ක්වීන්ස්ලන්ඩ් හි දැනට Lockdown සීමා ක්‍රියාත්මක south-east Queensland, Townsville, Magnetic Island and Palm Island  ප්‍රදේශවල එම තත්වය හෙට පස්වරු 06 ට අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

එහෙත් එය දීර්ඝ කිරීම හෝ නොකිරීම සම්බන්ධ අවසන් තීරණය හෙට පෙරවරුවේ ගැනීමට නියමිතයි.

Pic – Pinterest

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »