ගතවූ පැය 24 තුළ වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලින් ආසාධිතයන් නෑ

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුකල කොවිඩ් පරීක්ෂණ 29,000 කට වැඩි සංඛ්‍යාවක් අතුරින් කිසිදු ආසාධිතයෙකු වාර්තා වී නොමැත.

එමෙන්ම හෝටල් නිරෝධායනයෙන්ද ආසාධිතයෙකු හමුවී නොමැති බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ කියාසිටියේ.

කෙසේවෙතත් දැනට ක්‍රියාත්මක නිරෝධායන සීමා ඉදිරි දින 07 ටත් බලාත්මක වන අතර බොහෝ දුරට ලබන 08 වනදා සිට තවදුරටත් ඒවා ලිහිල් වනු ඇති බවට විශ්වාස කෙරේ.

මේ අතර දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයෙන්ද ගතවුණු පැය 24 තුලදී කිසිඳු ප්‍රජා ආසාදනයක් වාර්තා නොවන බව සඳහන්.

නමුත් දකුණු ඔස්ට්‍රේලියාවේ කොරෝනා අවදානම තව දුරටත් අවසන් වී නැති බැවින් තවත් කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Steven Marshall පවසයි.

https://twitter.com/VicGovDH/status/1410362043635482630?s=20

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »