කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ලට වසරක් ක්‍රිකට් තහනම් වන ලකුණු

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට යාමේ චෝදනා එල්ල වී දිවයිනට ගෙන්වූ එංගලන්ත සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට අවම වශයෙන් වසරක හෝ ක්‍රිකට් තහනමක් පනවනු ඇති බවට ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඔවුන් තුන්දෙනා දිවයිනට පැමිණියේ ඔවුන්ට එරෙහිව තාවකාලිකව ක්‍රිකට් තහනමක් පනවමින් වහාම දිවයිනට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කළ දැනුම්දීමට අනුවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇතැම් නිලධාරින් දැඩි ස්ථාවරයක සිට පෙන්වා දී ඇත්තේ රටට සිදුවූ දැවැන්ත අපකීර්තිය හේතුවෙන් මොවුන්ට වසරක නොව වසර 5 ක පමණ තරග තහනමක් ලබාදිය යුතු බවයි.

ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඔවුන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක් වෙත යොමු කෙරුණා.

නිරෝධායන කාලසීමාව අවසන් වීමෙන් පසු කුසල්, ධනුෂ්ක සහ දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පවත්වන විනය පරීක්ෂණ සඳහා මුහුණදීමට සිදුවනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »