එන්නත් ගැන ජාතික කැබිනට් රැස්වීමේදී වැදගත් තීරණ කිහිපයක් ගනී

ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීමට අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකග වී තිබේ.

අගමැති ස්කොට් මොරිසන් සහ සියලු ප්‍රාන්තවල අගමැතිවරුන් ඊට එක්විය.

සියලු Aged Care මධ්‍යස්ථානවල සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත් ලබාදීම අනිවාර්ය කිරීමටද මෙහිදී තීරණය වී ඇත.

ඔවුන්ට ඒ සඳහා වැටුප් සහිත නිවාඩු හිමිවේ.

එමෙන්ම අවුරුදු 60 ට අඩු කිසියම් කෙනෙකුට වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගැනිමට අවසර දීමටද ජාතික කැබිනෙට්ටුව සාකච්ඡා කර තිබේ.

විදේශයන්හි සිට පැමිණෙන්නන් ගේ නිරෝධායන කටයුතු විධිමත් කිරීමටද අද පැවති සාකච්ඡාව්දී තීරණය කල බවයි අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලේ.

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »