එංගලන්තයේ මහ පාරේ රැඳී සිටි කුසල් සහ දික්වැල්ල යළි දිවයිනට

එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වහාම යලි කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියා.

කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස ශ්‍රී ලංකාවට යළි කැඳවීමට තීරණය කර ඇති බවත් කණ්ඩායමේ කළමනාකරු ගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් ද ඉල්ලා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා එංගලන්තයේ, Durham හී රාත්‍රී කාලයේ විදියක සැරිසරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සැරිසැරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනයෙ මේ බව ප්‍රකාශ කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන බවත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවයි ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි 20 තරගාවලිය තරග 3-0 ක් ලෙස පසුගියදා පරාජයට පත්විය.

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »