සියලු ප්‍රාන්තවල අගමැතිවරුන් සහ අගමැති මොරිසන් අතර තීරණාත්මක හමුවක් අද

නිරෝධායන සීමා පණවා පළමු දිනයේදී බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

32 හැවිරිදි කාන්තාවක මෙලෙස හඳුනාගෙන ඇති අතර ඇය ආ ගිය තැන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ අතර සියලු ප්‍රාන්තවල අගමැතිවරුන් සහ මධ්‍යම රජයේ අගමැති ස්කොට් මොරිසන් අතර හමුවක් අද පැවැත්වේ.

දැනට ප්‍රාන්ත ගණනාවක පැතිර ඇති ඩෙල්ටා වෛරසය ව්‍යාප්තිය පාලනයට ගත හැකි පියවර සාකච්ඡා කිරිමයි එහි අරමුණ වන්නේ.

මේ අතර දකුණු ඔස්ටේ්‍රලියා / Northern Territory / ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත නිරෝධායන සීමා තවත් පැය 72 කින් දීර්ඝ කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »