වික්ටෝරියා අගමැති දින 111 කට පසු මාධ්‍ය හමුවක / QLD හි මුව ආවරණ අනිවාර්ය කෙරේ

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී නොමැති නමුත් අනෙකුත් ප්‍රාන්ත ගණනාවකින් කොවිඩ් ආසාධිතයන් සටහන්වී තිබේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු සටහන්වී ඇති අතර මුහුණු ආවරණ භාවිතය නැවතත් අනිවාර්ය කර ඇත.

ඒ අනුව වෙළඳ සංකීර්ණ – පොදු ප්‍රවාහන – රෝහල් – ආගමික ස්ථාන – කාර්යාල ඇතුලු සෑම ස්ථානයකම මුව ආවරණ භාවිතය අනිවාර්ය බවයි ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk නිවේදනය කලේ.

Noosa, Sunshine Coast, Ipswich, Logan , Redlands, Brisbane, Gold Coast, Scenic Rim, Lockyer Valley, Moreton Bay and Somerset ප්‍රදේශවල නිරෝධායන සීමා දැඩිව අනුගමනය කල යුතු වනවා.

මේ අතර ඇද වැටීමක් නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews දින 111 කට පසු අද මාධ්‍ය හමුවකට එක්වීමට නියමිතයි.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »