කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙල්බර්න් නුවර සිය ගණනක් නිරෝධායනයට

සිඩ්නි උපන් දින සාදයට සම්බන්ධ කොවිඩ් පොකුරට අදාළව ආසාධිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමග මෙල්බර්න් නුවර සිය ගණනක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Sandringham Dry Cleaners හි හිමිකරු ට වෛරසය ආසාධනය වී තිබුණේ එහි සේවකයෙකුගෙන් වන අතර එම සේවකයාගේ දියණිය විසිනුයි අදාළ උපන්දින සාදය සංවිධාන කර තිබුණේ.

ඔවුන්ට වැළඳී ඇත්තේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය බවද මෙ වනවිට තහවුරු කරගෙන තිබෙනවා.

Sandringham Dry Cleaners වෙත පැමිණි පිරිස් / අදාළ සේවකයා මෙන්ම හිමිකරු වාසය කරන ස්ථාන / ඔවුන්ගේ ඥාතීන් මෙන්ම පසුගිය දිනවලදී ඇසුරු කල අය මේ වනවිට දින 14 ක නිරෝධායනයට යොමු කර අවසන්.

පසුගිය සඳුදා – අගහරුවාදා දෙදින Sandringham Dry Cleaners තුළ වෙත පැමිණි පාරිභෝගිකයන් ගණන 100 කට අධිකයි.

ඔවුන්ද මේ වනවිට නිරෝධායනය කර ඇති බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »