අද රෑ 12 සිට සිඩ්නි ප්‍රදේශ 04 ක් සතියකට Lockdown / Bondi කොරෝනා පොකුර 65 ට නගී

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 22ක් හමු වී ඇත.

ඒ සමග සිඩ්නි Bondi ප්‍රදේශයේ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් තිබේ.

අලුතින් හමුවූ ආසාදිතයින්ගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලම දැනට හඳුනාගෙන ඇති ආසදිතයින්ගේ ආශ්‍රිතයින් බවට තහවුරු කරගැනීමට හැකිවූ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Bereijklian පැවසුවාය.

මේ අනුව මිලියන ගණනක් වන සිඩ්නි නගරවාසීන්ට නිවාස තුළම සිටීමේ නියෝගයක් නිකුත්කර ඇත.

අද රාත්‍රී 12 සිට WoollahraWaverleyRandwickCity of Sydney  ප්‍රදේශ සඳහා එය බලාත්මකයි.

සතියක කාලයක් මෙම Lockdown තත්වය ක්‍රියාත්මක වන අතර පහත කරුණු සඳහා පමණක් නිවාසවලින් පිටතට යාමට හැකියි.

අධ්‍යාපනය හෝ රැකියා
ශරීර සුවතා
වයෝවෘද්ධ රැකවරණය
අත්‍යවශ්‍ය ආහාර මිළයට ගැනීම

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »