ඔස්ටේ්‍රලියාවේ Citizenship අයදුම්පත් ගාස්තු ලබන මස 01 දා සිට ඉහළට

ඔස්ටේ්‍රලියාවේ පුරවැසිභාවය ලබාගැනීමට අදාළ අයදුම්පත් ගාස්තු ලබන මස 01 දා සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දැනට පවතින ඩොලර් 285 ක ගාස්තුව ඩොලර් 490 දක්වා ඉහළ දැමෙන බවයි සංක්‍රමණ අමාත්‍ය Alex Hawke සඳහන් කලේ.

ප්‍රතිශතයක් ලෙස එම ඉහළයාම සියයට 72 ක්.

ඇතැම් අයදුම්පත් සළකා බැලීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බැවින් මෙලෙස අයදුම්පත් ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බවද අමාත්‍යවරයා කියාසිටියා.

පුරවැසිභාව ඉල්ලුම්පත් ගාස්තුව 2016 වසරෙන් පසු ඉහළ දැමු පළමු අවස්ථාවද මෙය වනවා.

කෙසේවෙතත් අමෙරිකාව / බි්‍රතාන්‍යය සහ කැනඩාව හා සැසඳීමේදී ඔස්ටේ්‍රලියාවේ වීසා අයදුම්පත් ගාස්තු පහළ අගයක පවතින බවයි සංක්‍රමණ අමාත්‍ය Alex Hawke පෙන්වා දෙන්නේ.

Pic – yonderaustralia

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »