Breaking: හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව සිර දඩුවම් විඳිමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලැබී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කලේ පොසොන් පොහොය දිනයට සමගාමීව අද දිනයේදී නිදහස ලැබූ 93 දෙනා අතර හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාද වන බවයි.

අයුතු ලෙස රඳවාගෙන සිටි හිටපු එල් ටී ටී ඊ සැකකරුවන් 16 දෙනෙකු සහ වෙනත් වැරදි මත බන්ධනාගාර ගතවූවන් 77 දෙනකු මෙලෙස නිදහස් කර තිබෙනවා.

2011 වසරේ ඔක්තෝබර් 08 වනදා පළාත් පාලන මැතිවරණය පැවති දිනයේදී මුල්ලේරියාවේදී සිදුවු වෙඩි තැබීමකින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුලු 04 දෙනෙකු ඝාතනයට ලක්වූ අතර දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරුවේ, 2015 වසරේ මාර්තු මස 03 වෙනිදායි.

එහිදී, නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කරනු ලැබූ අධිචෝදනා සංඛ්‍යාව 17 ක්.

මිනී මැරීම, මිනී මැරීමට තැත් කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා රැසක් ඊට ඇතුළත්.

ඒ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් මරන දණ්ඩණය නියම කරනු ලැබුවේ 2016 වසරේ සැප්තැම්බර් 08 වෙනිදායි.

එම නියෝගය අහෝසි කර සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සම් ගොණුකල අතර මහාධිකරණයේ දඩුවම එහිදී නැවතත් ස්ථිර කෙරුණා.

කෙසේවෙතත් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම නියම කර තිබුණේ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට කිසියම් සහනයක් සැළසිය යුතු බවටයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »