මාසයකට පසු ලංකාවේ Lockdown තත්වය අවසන්

කොරෝනා වසංගතය හමුවේ මාසයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබූ සංචරණ සීමා අද අලූයම 4 ට ලිහිල් වනවා.

යළිත් ලබන බදාදා රාත්‍රී 10 සිට ලබන සිකුරාදා 25 වනදා අලූයම 04 දක්වා පමණක් පෙර පරිදිම දිවයිනපුරා සංචරණ සීමා නැවත ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් දිවයින පුරා සංචරණ සීමා ලිහිල් කෙරෙන කාලසීමාවේදී අත්‍යාවශ්‍ය නොවන කාර්යයන් සදහා පළාත් අතර ගමන් කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරෙන අතර රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුයි.

සංචරණ සීමා ලිහිල් කෙරෙන කාලසීමාව තුල පොදු ප්‍රවාහන සේවා සහ වෙළදසැල් ඇතුලූ පාරිභෝගික සේවා සපයන ආයතන විවෘතව තැබීමට අවසර දී තිබෙනවා.

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »