ද්‍රවිඩ පවුලේ බාලම දැරිය Tharnicaa පර්ත් රෝහලෙන් පිටත්ව යයි

පසුගිය සති කිහිපය පුරා ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කල ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුලේ බාලම දැරිය වන 04 හැවිරිදි Tharnicaa Murugappan පර්ත් නුවර රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් තිබේ.

ඇය සති 02 කට ආසන්න කාලයක් එහි ප්‍රතිකාර ලැබුවේ නියුමෝනියාව සහ රුධිර අසාත්මිකතාවයක් හේතුවෙනුයි.

වෛද්‍යවරුන් මීට පෙර සඳහන් කර තිබුණේ Tharnicaa ට සති 08 ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවනු ඇති බවටයි.

මේ අනුව මෙම ද්‍රවිඩ ජාතික පවුලේ සාමාජිකයන් 04 දෙනාම පර්ත් නුවර සමාජීය රැඳවුම් මධ්‍යස්ථානයක මින් ඉදිරියට රඳවා තැබීමට නියමිතයි.

කෙසේවෙතත් සංක්‍රමණ අමාත්‍ය Alex Hawke ප්‍රකාශ කර තිබුණේ කිසියම් අයුරකින් මෙම පිරිසට එරෙහි නීතිමය කටයුතුවලින් ඔවුන් පරාජයට පත්වුවහොත් අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවයි.

 

Pic – Supplied

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »