කාන්තාවකට ලිංගික හිරිහැර කල ආසියානුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සහය පතයි

Lalor දුම්රිය ස්ථානය අසලදී කාන්තාවකට ලිංගික හිරිහැර කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා.

පසුගිය පෙබරවාරි 18 වනදා අලුයම 12 යි 10 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබේ.

32 හැවිරිදි කාන්තාවක පාර මාරුවී Stockdale Park වෙත ළගාවන අතරතුර සැකකරු මෙම හිංසනය සිදුකර ඇති බවයි සී සී ටී වී දර්ශනවල දැක්වෙන්නේ.

ආසියානු ජාතිකයෙකුගේ පෙනුමක් ඇති සැකකරු කාන්තාවගේ ජංගම දුරකථනය විසි කර දමන ආකාරයක්ද එහි සඳහන්.

මෙම පුද්ගලයා පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් 1800 333 000 හෝ http://www.crimestoppersvic.com.au/ඔස්සේ දැනුම් දෙන ලෙසටයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය ඉල්ලා සිටින්නේ.

Pic – VIC Police

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »