කොවිඩ් ආරම්භයත් සමග වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ අඩුවෙයි – ගෘහස්ථ හිංසන ඉහළට

2020 අප්‍රේල් සිට 2021 මාර්තු දක්වා එනම් කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තය තුළ අපරාධ සහ දඩ සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලිසිය අද සංඛ්‍යාලේඛණ තොරතුරු හෙළි කලේය.

මෙම කාල සීමාව තුළ :

අපරාධමය චෝදනා වැරදි 532,271 ක් වාර්තා වී ඇත.

එය පසුගිය වසර හා සැසඳීමේදී 9,867 ක පහළයාමකි.

සෞඛ්‍ය නීති කඩ කිරීම් ගැන දඩ නිකුත් කිරීම් 37,939 ක් මෙම කාලසීමාවේදී සිදුකර ඇත.

මුලු වැරදි ගණන පසුගිය වසර හා සැසඳීමේදී 47,806 කින් එනම් සියයට 8.8 කින් පහළ ගොස් ඇත.

1993 වසරෙන් පසු වැඩිම ප්‍රතිශතයකින් අපරාධ පහළ ගිය පළමු අවස්ථාව මෙයයි.

සොරකම් හා මංකොල්ලකෑම් සංඛ්‍යාවද පහළ ගොස් ඇත.

නිවාස – දේපළ 13,000 කට පමණ නීති විරෝධි ඇතුලුවීම් සිදුවී තිබේ.

නිවාස 8300 ක් පමණ කොල්ලකෑමට ලක්වී ඇත.

මහමග දී කොල්ලකෑමට ලක්වූ පිරිස 1500 කට අඩුය.

රථවාහන 5500 ක් සොරකම් කර තිබේ.

පහරදීම් ගණන 1000 කටත් අඩුය.

කෙසේවෙතත් ගෘහස්ථ හිංසන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

පසුගිය වසර හා සැසඳීමේදී එය 8247 කින් වැඩිවී ඇත්තේ මුලු වැරදි ගණන 54395 ක් ලෙස සටහන් වෙමිනි.

මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ සිදුවීම් 4772 කින් ඉහල ගොස් ඇත.

මුලු වැරදි ගණන 32 154 කි.

 

Pic – VIC Police

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »