වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලිය නැති නිවාස වෙත සතියකට $ 1680 බැගින් සති 03 කට මූල්‍යාධාර

වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණය හමුවේ නිවාස හානි සිදුවූ පුද්ගලයන්ට වන්දි ලබාදෙන නව ක්‍රමවේදය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අනුව අද වනවිට විදුලිබලය අහිමිවී ඇති සෑම නිවසක් වෙනුවෙන් සතියකට ඩොලර් 1680 බැගින් සති 03 ක් පුරා මෙම සහන මුදල ලබාදීමට නියමිතයි.

ප්‍රාන්තයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 9000 කට දැනට සතියක පමණ සිට විදුලිය නොමැති අතර එම තත්වය ඉදිරි සති 03 තුළදීද පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Dandenong Ranges ආශ්‍රිත Ferny Creek, Kalorama, Mount Dandenong, Olinda, Sassafras, Sherbrooke, The Basin, Tremont,Upwey ප්‍රදේශවලට ලබන ජූලි 10 වනදා තෙක් එය පවතිනු ඇති බවයි වික්ටෝරියා වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino නිවේදනය කලේ.

මෙම තත්වයක් සමග වික්ටෝරියා ප්‍රාන්තය තුළ බලශක්ති හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

 

Pic – ABC

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »