නල ජලය භාවිත නොකරන ලෙස මෙල්බර්න් නැගෙනහිර ප්‍රදේශ කිහිපයක ජනතාවට දැනුම්දීමක්

දින කිහිපයකට පෙර ජල ගැලීම් පැවති මෙල්බර්න් නැගෙනහිර කලාපයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට නල ජලය භාවිත නොකරන ලෙසට දැනුම් දී තිබේ.

Kallista, Sherbrooke, The Patch ප්‍රදේශ සඳහා එය අදාල වේ.

මේ සඳහා වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේද අනුමැතිය ලැබී ඇතැයි Yarra Valley Water නිකුත් කල නිවේදනයක සඳහන්.

ජල ගැලීම් හමුවේ පිරිපහදු මධ්‍යස්ථානයක යන්ත්‍ර කිහිපයක් අක්‍රීය වී ජලය නිසි ලෙස පිරිසිදු නොවීම ඊට හේතුවයි.

මේ අනුව අදාළ ස්ථාන වෙත ගොස් පානීය ජලය බෙදා හැරීමට බළධාරීන් පියවර ගෙන තිබේ.

පාලනය කිරීමට අමතරව දත් මැදීම – ආහාර සැකසීම – අයිස් කැට සෑදීම වැනි කටයුතු සඳහාද නැවත දැනුම් දෙන තුරු පානීය ජලය යොදා නොගන්නා ලෙස දන්වා ඇත.

පහත ස්ථානවල දී පානීය ජලය බෙදා හැරේ.

The Patch Hall at 5 The Patch Road, The Patch

The Kallista Public Hall, 6 Tom Roberts Road, Kallista.

 

Pic – @MimiRoseBecker (Twitter)

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »