නව වෙළඳ ගිවිසුම නිසා බ්‍රිතාන්‍ය මෝටර් රථ සහ විස්කි ඔස්ටේ්‍රලියාව තුළදී අඩු මුදලකට

ඔස්ටේ්‍රලියා – බි්‍රතාන්‍ය නව වෙළඳ ගිවිසුම හමුවේ රටවල් 02 ටම වාසි අත්වන ළකුණු පළවී තිබේ.

මේ අනුව බ්‍රිතාන්‍ය නිෂ්පාදන වන මෝටර් රථ සහ ස්කොට්ලන්ත විස්කි ඔස්ටේ්‍රලියාව තුළදී සාපේක්ෂව අඩු මුදලකට මිළදී ගත හැකි වේ.

එමෙන්ම ඔස්ටේ්‍රලියාවේ කෘෂි නිෂ්පාදන බි්‍රතාන්‍යය තුළ වැඩි වශයෙන් අලෙවි කිරීමටද අවස්ථාව උදාවන බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ.

බි්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමග ලන්ඩන් නුවර පැවති සාකච්ඡාවලින් පසු අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

බි්‍රතාන්‍ය ජාතිකයන්ට ඔස්ටේ්‍රලියානු රැකියා වීසා බලපත් දීර්ඝ කර ගැනීම සඳහා ඔස්ටේ්‍රලියාවේ ගොවිපොළවල දින 80 ක් රැකියා කල යුතු බවට පැවති කොන්දේසියද නව ගිවිසුමට අනුව ඉවත් වනවා.

ඔස්ටේ්‍රලියානු වයින් – සහල් වැනි දෑ සඳහා බි්‍රතාන්‍ය තුළ පැවති බදු සියයට 99 ක්ම ඉවත් කර තිබීම විශේෂත්වයක්.

එහෙත් ඔස්ටේ‍රලියානු ගව මස් සහ බැටලු මස් සඳහා දැනට පනවා ඇති බදු ඉවත් කිරීම සිදුවන්නේ තවත් වසර 10 කට පසුවයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »