ඔස්ටේ්‍රලියා දේශ සීමා වසා ඇතත් පවුල්වල සමීපතමයන්ට එන්න අවසර දෙන්නැයි පෙත්සමක්

කොරෝනා වසංගතය පාලනය කිරීම උදෙසා මේ වන විටත් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා තිබේ.

නමුත් අවසර ලත් හේතු මත පමණක් ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් වල නිරත විය හැකිය.

එලෙස ප්‍රකාශයට පත් කර ඇති travel exemptions හෙවත් සංචාරය සඳහා අවසර දෙන හේතු වෙනස් කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටින පෙත්සමක් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.

ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම නිසා එක්වීමට නොහැකිව බලාපොරොත්තු සුන් වූ පවුල් සඳහා තම දෙමව්පියන් සමඟ නැවත එක්වීමට මෙන්ම දරුවන්ට තම මුත්තණු මිත්තණියන් ද මේ හරහා හමුවිය හැකි බවට යෝජනා කර ඇත.

සති හතරක පමණ කාලයක් තුළදී මෙම පෙත්සමට පුද්ගලයින් 70,000 කට අධික සංඛ්‍යාවක් අත්සන් තබා තිබේ.

මේ සම්බන්ධව ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ උණුසුම් භාවයක් ද හටගත්තේය.

Pic – australia parliament

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් Clyde North අවට ජනතාවට දුරකථන සංඥා ගැන පොරොන්දුවක්

වසර ගණනාවක සිට දුර්වල ජංගම දුරකථන සංඥා හේතුවෙන් අපහසුතාවන්ට පත්ව සිටි මෙල්බන් අවට ජනතාවට දුරකථන කුළුණක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන්න වීසා ගන්න බලාගෙන ඉන්න අයට උපදෙසක්

ඔස්ට්‍රේලියානුවන්ට මාර්ගගත වීසා වංචාවලින් ප්‍රවේශම් වන ලෙස උපදෙස් මාලාවක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

Read More »

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »