ඔස්ටේ්‍රලියා වෛද්‍යවරුන්ට නිවාස වෙත ගොස් එන්නත් දීමට අනුමැතිය

නිවාස / ආබාධ සහිත වූවන් සිටින ස්ථාන හෝ වයස්ගත පුද්ගලයන් සිටින ස්ථාන වෙත ගොස් එන්නත් ලබාදීමට වෛද්‍යවරුන්ට අනුමැතිය දීමට ඔස්ටේ්‍රලියා රජය තීරණය කර ඇත.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීම එහි අරමුණයි.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ ලක්ෂ 59 ක පමණ පිරිසකට එන්නත් දී ඇතත් ඇතැම් අවධානම් සහිත පිරිස් වෙත තවමත් එන්නතේ පළමු මාත්‍රාව හෝ දී නොමැති බවයි වාර්තා වන්නේ.

නව තීරණය ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේ මේ අනුව සැළකිය යුතු පිරිසකට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත නොගොස් නිවසේදීම එන්නත ලබාගැනීමට අවස්ථාව හිමිවන බවයි.

කෙසේවෙතත් මේ සඳහා කිසියම් ගාස්තුවක් අය කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ගතවූ පැය 24 දී වික්ටෝරියා ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු වාර්තා නොවීය.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »