ද්‍රවිඩ පවුල ක්‍රිස්මස් දූපතේ රැඳවුම් කඳවුරෙන් ඉවත් කර පර්ත් නුවරට

ලාංකික සම්භවයක් ඇති ද්‍රවිඩ ජාතික පවුල ක්‍රිස්මස් දූපතේ රැඳවුම් කඳවුරෙන් ඉවත් කරන බව සංක්‍රමණ කටයුතු අමාත්‍ය Alex Hawke නිල වශයෙන් නිවේදනය කලා.

ඒ අනුව ඔවුන්ට පර්ත් නගරයේ පිහිටි සමාජීය රැඳවුම් මධ්‍යස්ථානයකට (Community detention centre) යාමට සිදුවනු ඇති.

මෙම පවුලේ බාලම දැරිය වන Tharnicaa දැනට ප්‍රතිකාර ලබන්නේද පර්ත් නුවර රෝහලකයි.

කෙසේවෙතත් මෙම තීරණය මෙම පවුලට වීසා ලබාගැනීමට ඉවහල් වන මාර්ගයක් නොවන බවද සංක්‍රමණ අමාත්‍යවරයා කියාසිටියා.

දරුවන් දෙදෙනෙකු රැඳවුම් මධ්‍යස්ථානයක සිටිනු දැකීමට තමන් කිසිසේත් කැමති නොමැති වීම හේතුවෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි සංක්‍රමණ කටයුතු අමාත්‍ය Alex Hawke සඳහන් කලේ.

මෙම පිරිස වෙනත් රටකට යවන්නේදැයි තවමත් අවිනිශ්චිතයි.

පසුගියදා අනාවරණය වූයේ මොවුන්ට ඔස්ටේ්‍රලියානු සරණාගත භාවය නොමැතිවීම හමුවේ නවසීලන්තයට හෝ අමෙරිකාවට යාමටද ඉඩකඩ නොමැති බවටයි.

 

Pic  Credit: SUPPLIED/PR IMAGE

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »