දැඩි කථාබහකට ලක්වී ඇති ද්‍රවිඩ පවුල හෙට රැඳවුම් කඳවුරෙන් නිදහස් ???

දැඩි කථාබහකට ලක්වී ඇති ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතික පවුල හෙට එනම් අගහරුවාදා දිනයේදී රැඳවුම් කඳවුරෙන් නිදහස් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසින් හෙට කැන්බරා හිදී එය නිල වශයෙන් නිවේදනය කරනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

කෙසේවෙතත් ඔවුන්ට ඔස්ටේ්‍රලියාවේ ස්ථිර පදිංචිය ලැබෙන්නේද නොඑසේනම් වෙනත් වීසා කාණ්ඩයක් යටතේ අයදුම් කිරීමට අවසර හිමිවන්නේද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

දැනට මෙම පවුලේ බාලම දැරිය වන Tharnicaa පර්ත් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ මවද දැරිය සමග සිටිනවා.

වැඩිමහල් දැරිය සහ පියා තවමත් සිටින්නේ ක්‍රිස්මස් දූපතේ රැඳවුම් කඳවුරේයි.

බාලම දැරිය අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කිරීමත් සමග මෙම පවුල පිළිබඳ මානව හිමිකම් සංවිධාන දැඩි කථාබහක නිරත වූ අතර ඔවුන් නිදහස් කල යුතු බවටයි මතවාදයක් ගොඩ නැගුණේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »