නීති විරෝධීව මෙල්බර්න් සිට පැමිණි 03 දෙනෙකු නවසීලන්තයේදී අත්අඩංගුවට

Lockdown සීමා කඩ කර නීති විරෝධීව මෙල්බර්න් සිට සිඩ්නි හරහා ඕක්ලන්ඩ් නුවරට පැමිණි පුද්ගලයන් 03 දෙනෙකු නවසීලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මෙල්බර්න් සිට සිඩ්නි දක්වා රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට ගුවන් මගින් ඕක්ලන්ඩ් වෙත පැමිණ ඇත.

මොවුන් මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇතැයි නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් සඳහන් කලා.

කෙසේවෙතත් මොවුන් 03 දෙනාට එරෙහිව දඩයක් හෝ දඩුවමක් පණවන්නේදැයි මෙතෙක් තීරණය වී නැහැ.

අවමගුල් උත්සවයකට සහභාගී වීම සඳහායි මෙම පිරිස නවසීලන්තයට ගොස් ඇත්තේ.

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »