වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් ආසාධිතයන් 02 ක් / Lockdown තත්වය හැකි ඉක්මණින් ඉවත් කරන්නැයි අගමැති කියයි

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 02 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව සමස්ත කොවිඩ් පොකුර 83 දක්වා ඉහළ යයි.

මේ අතර වික්ටෝරියා Lockdown තත්වය ඉක්මණින් ඉවත් කරන්නැයි අගමැති ස්කොට් මොරිසන් ප්‍රාන්ත රජයට දැනුම් දී තිබේ.

නවතම කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය මේ වනවිට සැළකිය යුතු මට්ටමකින් පාලනය කර තිබීම ඊට හේතුව ලෙසටයි ඔහු දක්වා ඇත්තේ.

මේ අනුව ලබන 10 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට නියමිත Lockdown තත්වය මුලුමනින්ම ඉවත් කිරීම හෝ යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදුවනු ඇතැයි අපේක්ෂිතයි.

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »