ඩාවින් හි 16 ට වැඩි ඕනෑම අයෙකුට කොවිඩ් එන්නත ලබා ගත හැකි යි.

ඔස්ට්‍රේලියාවේ Northern Territory හි වයස අවුරුදු 16ට සහ ඊට වැඩි ඕනෑම කෙනෙකුට COVID-19 එන්නත ලබා ගත හැකි බව ප්‍රාන්ත අගමැති Michael Gunner නිවේදනය කරයි.

මේ වන විට Alice Springs සහ Katherine ඇතුළු NT හි කලාපීය ප්‍රදේශවල ජීවත් වන​ වයස අවුරුදු 16ට සහ ඊට වැඩි ඕනෑම කෙනෙකුට COVID-19 එන්නත ලබා ගත හැකි වූ නමුත් හෙට(08/06) සිට සෞඛ්‍ය බලධාරීන් Darwin, Palmerston සහ ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන් සඳහා ද එන්නත ලබා දීමට කටයුතු සලසනු ඇත​.

මේ අනුව වයස අවුරුදු 16 සහ ඊට වැඩි සාමාන්‍ය ජනගහනයේ සැමට එන්නත ලබා දීමට කටයුතු සැලසූ පළමු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය Northern Territory බවට පත්වේ.

NT ප්‍රාන්ත අගමැති Michael Gunner තවදුරටත් කියා සිටියේ මෙම එන්නත තවත් 60,000 ක් පමණ ප්‍රාන්ත වාසීන්ට​ ලබා ගත හැකි බවයි.

(Pic Credits-AAP Image/Richard Wainwright)

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »